Thursday, September 29, 2011

1

ඇත්තටම ඇයි බයියාගෙ ඉන්දියාව නැත්තෙ...?


ම අද කියන්න යන්නෙ අර රුබෙල්ලා විදින්න ගිය බයියාට වෙච්ච දෙයක්‌.............. 
අපේ පාසලට පහලින් ගලාගෙන යනවා කැලණි ගග ඉතින් අපේ සෙට්‌ එකම කොහොම හරි ක්‌ලාස්‌ කට්‌ කරලා පනිනවා ගගට දිවි නසා ගන්න නෙවෙයි ඕන්..............
ඉතින් අපේ සෙට්‌ එකේ හැම එකාටම පිනන්න නම් බෑ මේ කියන මේ කියන මටත් බෑ ඉතින් කොහොම හරි ගගෙම ගිහින් මටත් ටිකක්‌ පිනන්න පුලුවන් උනා .....අපේ සෙට්‌ එකම ක්‌ලාස්‌ කට්‌ කරලා ගගට ගියාට කැලුම් (බයියා) කවමදාවත් ගගට යන්න එන්නෙ නෑ බුවාගෙන් ගගට යන්න එන්න කිවාම බයියා කියනවා.................

බයියා- 'උබලට පිනන්න ඉගෙන ගන්න ඕන උනාට මට ඕන්නෑ ඉගෙන    ගන්න මට හොදට පුලුවන් පිනන්න..'
මම- ඉතින් බයියො ඒකනෙ කිව්වේ උබට පිනන්න පුලුවන් නිසානේ අපි උබට එන්න කියන්නෙ වරෙංකො...බන්....
 බයියා- හරි.. හරි.. එන්නම්..... කො...


කොහොම හරි බයියා කැමති උනා අපිත් එක්‌ක ගගට යන්න එන්න.... ඉතින් අපේ සෙට්‌ එක ගියා ගගේ නාන්න ගග ලගට කිට්‌ටු වෙන කොට බයියාට බැරිලු ගගට යන්න. බුවාට උන ගන්න වගෙලු

කොහොම හරි අපි බයියා ඇද ගෙන ගියා ගගට දැන් අපි දැන් ඇදුම් ගලවනවා (අන්ඩර් වෙයාර් එක ඉතිරි වෙන්න හොදේ) බයියා ලැජ්ජාවේ ඇබෙරෙනවා... අපි කිවා ලැජ්ජා නැතිව වරෙන් කියලා ඇදුම් ගලවලා.... ඉතින් පිනන්න පුලුවන් කියපු බයියා වතුරට බහින්නෑ.... කොහොම හරි අපේ උන් බයියා ඇද ගෙන ගියා ගගේ ගැබුරු තැනකට පිනන්න පුලුවන් කිව බයියා දෙපාරක්‌ ගිලුනා ගගේ අපි ඉතින් බයියා මැරෙන්න නොදි ගෙනවා ගොඩට ඉතින් ඊට පස්‌සෙ බයියා අඩන්න පටන් ගත්තා අපි ඌව මරන්න හැදුවා කියලා...
              ඉතින් අපි ආයෙත් බයියාට පිනන්න එන්න කිව්වෙ නෑ....  ඉතින් බයියට ගොඩට වෙලා ඉන්න කියලා අපි නානවා එක පාරටම හොදට හිටපු බයියා එහාට දුවනවා මෙහාට දුවනවා ගගට පනින්න  හදනවා අපි බය උනා මොකද බයියාට වෙන්න යන්නෙ කියලා.....ගගේ ගිලෙන්න ගිය නිසා බයියට බයටම පිස්‌සු හැදිගෙන එනවද දන්නෙ නෑ කියලා... 

මම- මොකද...? කැලුම් උබට වෙලා තියෙන්නෙ...? පිස්‌සෙක්‌ වගෙ නටන්නෙ...
බයියා- අනේ... බන්.. ඉස්‌කොලේ ඇරිලා.....
මම- ඉතින්....
බයියා- අන්න අර ගෑනු ටික පාලමින් යන්නෙ නැතුව මෙන්න මෙහාට එනවා....
මම- ගෑනු කිවේ කව්ද බයියො...?
බයියා -අර... එන්නෙ... දිනුශා, ඉරේශලා  එගොඩට යන සෙට්‌ එකම
මම- ඔව් බන් ඉක්‌මනට හැංගියන්... නැත්නම් හෙට ඉස්‌කොලේ ගිහින් ඉවරයි.... දන්නවනෙ කටවල්....

                                                                          කොහොම හරි අපේ සෙට්‌ එකම ගගේ තිබුන ගල් වලට මුවා වෙලා හිටියා............................................
(මොකද අපි ලැජ්ජා බයට හැදුන කොල්ලොනේ :D) කෙල්ලො ටික ගගෙන් එගොඩට යනකල්ම.... ඒත් බයියට හැංගෙන්න ලැබුන්නෑ මොකද ඌට පිනන්න පුලුවන් කිවට බැරි නිසා.........ඉතින් ඊලග දවසෙ කෙල්ලො බයියගෙන් අහනවා... කැලුම් ඇයි ඔයාගේ ඉන්දියාව නැත්තෙ කියලා...... 
ඇත්තටම ඇයි බයියාගෙ ඉන්දියාව නැත්තෙ...?

හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............


1 comments:

Saturday, September 24, 2011

0

මේ ඉන්නෙ මගේ ගෑනි තමයි අට පිරිකරේ හාමුදුරුවනේ............

ම අද කියන්න යන්නෙ අපිත් එක්ක වැඩ කරන එකෙක් කියපු එල කතාවක්  ඒත් "අවාසනාවට ඇත්ත කතාවක්ද"  කියලා නම් මම දන්නෑ......... ඕන්...........
                               මොකද මට කතාව කියපු බුවාට අපේ ලන්කාවේ        සෙට් එකම කියන්නෙ "බොරුගොඩ" කියලා බුවාගේ ගම අම්බලන්ගොඩ හින්දා අම්බලන් කියන කෑල්ල කපලා තමයි ඔය අම්බලන්බොරුගොඩ කියන නම රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඒ තරමටම ඇත්ත කියන නිසානෙ ඔය නම දාලා තියෙන්නෙ නමෙන් හිතා ගන්න පුළුවන්නෙ ඉතින් කොහොම පොරක්ද කියලා.................
                                අපිත් එක්ක ඉන්න හුගාක් උන්ට ලොකු ප්‍රස්නයක් වෙලා තියනවා ඇත්තටම ලන්කාවේ      ඉන්න තමන්ගෙ ප්‍රියම්බිකාව පතිදම් කියලා මොකක්ද එකක් රකිනවද කියන සැකය........................
                                             ඉතින් ඔය සැකය සාදාරනයි කියන්න තමයි බොරුගොඩයා මේ කතාව කිව්වෙ අහන්නකො එහෙනම්..............


    බොරුගොඩයාට ඉන්වලු යාළුවෙක් පීටර් කියලා  ඉතින් පීටර් ගියාලු රට ගිහින් අවුරුදු තුනක් විතර ඉදලා "මම එන්නෙ ඩුබායි රටේ ඉදලා...... ම්බ කරපු සල්ලි මා ලගයි."  කියලා ලන්කාවට ඇවිත්....   ටික දවසකින් ගම වටේ රවුම්ක් ගහන කොට රොයිටර්, අල්ජසිරා එකේ පීටරයාගේ ගමේ වාර්තාකාරි වෙච්ච කුසුමාව මුන ගැහිලා....
රොයිටර් කුසුමා- "ආ......... මේ අපේ පීටර් මලයානේ කවදද? බන් ලන්කාවටට අවේ මට උබව අදුරගන්නත් බැරි උනා.... බන්......"
පීටර්- "දවස් දෙක තුනක් වෙනවා අක්කේ..... කොහොමද ඉතින් ගමේ විස්තර එහෙම ගම හුගාක් වෙනස් වෙලානේ පාරවල් කොන්ක්‍රිට් කරලා........ මම  විතරක් නෙවෙයි අක්කාත් වෙනස් වෙලානේ......"
රොයිටර් කුසුමා- "ඈ... මල්ලියේ උබට ගම විතරද වෙනස් වෙලා පෙනුනේ  උබේ ගෑනිගෙ වෙනසක් එහෙම දැක්කෙ නෑතෑ.........
පීටර්- හි... හී . හීහි...... මොකද නැත්තෙ ඉතින් හුග කාලෙකින්නෙ............"
රොයිටර් කුසුමා- "පුදුමයි.... උබට වෙනසක් දැනුනා කිවාම ලැසියා උබ නැති කාලේ සාන්ගික වෙලානේ හිටියෙ......."
පීටර්- "මොකක්ද? බොල උබ කිව්ව හරුපේ තේරුම ආයිත් කියපන් මට තේරෙන්න......"
රොයිටර් කුසුමා- "මල්ලියේ කාටවත් කියන්න නම් එපා මම කිවා කියලා.. උබේ ගෑනිටනම් කොහොමත් එපා......"
පීටර්- "ඉතින් කියපන් අක්කේ............."
රොයිටර් කුසුමා- "උබ කලබල වෙන්න එපා.... ලැසියයි ගමේ පන්සලේ හාමුදුරුවොයි අතරේ සම්බන්දයක් තියෙනවා........ ඔය ගැන වැඩිය හිතන්න එපා මල්ලියේ මේ වෙලාවේ කල්පනා කරලා වැඩ කරපන්... කවුරු නැතත් උබට අපි ඉන්නවා..... හවස් වෙලා අපේ ගෙදර දිහා වරෙන්කො.......... ඉතින් ...... මම යනවා. ඕන්..............."
පීටර්- "හා.......... හොදයි.... අක්කේ....."

රොයිටර් කුසුමා කියපු දේවල් ගැන පීටර් කලබල උනේ නෑ තව ටිකක් හොයලා බැලුවා පීටර් දැන ගන්න ලැබුන විදියට කාරනාව ඇත්ත ඔය අතරෙම තමයි පීටර්ගේ යාළුවෙක් පෝන් එකකින් ගත්ත පොටෝ ටිකක් පෙන්නුවේ මේ පොටෝ වල පීටර්ගෙ ගෑනිගෙ වාගෙම හාමුදුරුවන්ගෙ මුනු පැහැදිලිව දැක ගන්න පීටර්ට අපහසු උනේ නෑ......................
 පීටර් කෙලින්ම ගියා පන්සලට පීටර් එනවා දැකලා හමුදුරුවෝ බය වෙලා ඉන්න බව ඈතදිම දැක්ක නිසා පීටර් පොඩි හිනා පාරක් දාගෙනම හාමුදුරුවෝ ලගට ගියා.............


හාමුදුරුවෝ- "ආ....උපාසක.... මහත්තයා... ආවා කියලනම් ආරන්චි උනා... ඒත් ඉතින් අදනේ දැක්කේ කො..... ඉතින් උපාසක නොනාත්  එක්කම එන්න එපෑ............."

පීටර්- "එහෙයි..... හාමුදුරුවනේ...... මම මේ ආවේ හාමුදුරුවනේ....මේ...... අපේ ගෙදර පොඩි සාන්ගීක දානයක් දෙන්න කියලා.... කතා කර ගන්න..."
හාමුදුරුවෝ- "ආ.. ඒවා.... හොද වැඩ උපාසක මහත්තයෝ........"
පීටර්- "හැබැයි හාමුදුරුවනේ..... මේ පලාතේ ඉන්න නායක හාමුදුරුවෝ වහන්සෙලාටම ආරාධනා කරන්න ඕන..........."

ඉතින් හාමුදුරුවෝත් කැමති උනා.. පීටර්ලාගේ ගෙදර දානෙට වඩින්න. පීටර්  අටපිරිකර එහෙමත් ගෙනැල්ලා තිබ්බා.... ඔන්න ඉතින් දනේ දවසත් උදා වෙලා අට පිරිකරත්  පුජා කරන්න පටන් ගත්තලු හාමුදුරුවරු දොලොස් නමක් වැඩලා ඉන්න එකේ පිරිකර තියෙන්නෙ එකොලහයි ගමේ පන්සලේ හාමුදුරුවන්ට පුජා කරන්න අටපිරිකරක් මදියි........ පීටර්ගේ ගෑනිගෙනුත් බර බරෙලු............ කොහොම හරි ලැසියාත් එක්කරගෙන පීටර් ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගියා................

පීටර්- "හාමුදුරුවනේ එක පිරිකරක් අඩුයිනේ................."
හාමුදුරුවෝ- "එකනේ උපාසකයා...මහත්තයා.. මම ලියලා දුන්නානේ පිරිකර දොලහක් කියලා......"
පීටර්- "ඉතින් හාමුදුරුවනේ..... මේ ගෙදර හාමුදුරුවන්ට අට පිරිකරක්  තියෙනකොට මම මොකටද කියලා හිතුනා පිරිකර ආයෙත් ගෙන්නේ 
හාමුදුරුවෝ- "කෝ.... ඉතින් ඔය කියන අට පිරිකරේ.............?"
පීටර්- "මේ ඉන්නෙ මගේ ගෑනි තමයි
අට පිරිකරේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්න්ට පුජා කරනවා.... මට මොකටද සාන්ගික වෙච්ච දේවල් මේ ගමේ නොයිද අරන් ගියොත් හොදයි නේද..........."

ඔන්න ඔහොම තමයි  සීන් එක වෙලා තියෙන්නෙ ඇත්තද කියලානම් මම කියන්න දන්නෑ.. තවත් දෙයක් හිතන්න එපා මම අන්තවාදියෙක් කියලා ආගමට නින්දා කලා නෙවෙයි....  ඇත්ත චුට්ටක් තිත්තයිලු මේ වාගේ දේවල් ඇත්තටම වෙනවා. ඕන්...........
...


හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............

0 comments:

0

මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න.

දත් ඊයේ වගෙමයි මෙහෙමත් වැස්සක් කොහොම ඉස්කොලේ යන්නද මන්දා.... මගෙ හිත මටම මිමුනුවා.අවුරුද්දෙන් වැඩි කාලයක් අධික වර්ශා පතනයක් අප ජිවත්වු ප්‍රදේශයට මදි නොකියන්න ලැබෙන නිසා එය පුදුම විය යුතු කරුනක් නම් නොවිය......මගේ ඇස් බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවට දිව ගියේ මටත් නොදැනිවමය...

"දෙයියනේ..... හතට කාලයි නේද,,?"
 

මම ඇදෙන් පැන්නෙ අනිවාර්යෙන්ම පාසල් යා යුතුම නිසා වෙනි..... ඉතා සුළු වේලාවකින් පාසල් යන්න සූදානම්වු මා නිවසින් පිටවුවේ සැතපුම් හයක් හතක් පමන පා ගමනින් යා යුතු නිසාය.

"චමිල්,සුගත් එහෙම දැන් ඉස්කොලේට ගිහිනුත් ඇති  උන්ට නම් මොකද පාන් වෑන් එකෙනේ යන්නෙ මම දවස් කියක් නම් උදෙන්ම ආවද කෝ ඉතින් මාව දාගෙන ගියේ නෑ නේ කමක් නෑ...මම පයින්ම යනවා. ඇවිද්ද පය දහස් වටී කියලා කියනවානෙ..........."  මටම කියා ගත්තේය.

          වර්ශාව වැඩි වෙනවාමම මිසක අඩු වෙන සලකුනක් නැති තරම්ය.   ඉදහිට මාර්ගයේ ගමන් ගන්නා වාහන වල රෝදවලට අසුවී ඉහෙන මඩ වතුරෙන් පාසල් නිල ඇදුම බේරා ගැනිම අපහසුය. ඒ පාරේ ගමන් ගන්නා අසරනයන් ගැන වාහනවල ගමන් ගන්නාවුන්ට තැකිමක් නැති නිසාය.
                     ඒ වන විට මා සැතපුම් හතරක් පමන ගෙවා තිබුනි.උදැසන  අප පාසල අසලින් ගමන් ගන්නා බස් රථයේ හඩ ඇසුන නිසා මා තැති ගත්තෙමි.

"බස් එක නේද එන්නෙ ඉස්කොලේ ගාවින් යන කොටත් අටයි කාල විතර වෙනවා මම පයින් යන්න ගියොත් අටයි හතලිස්පහවත් වේවි. ඒත් කොහොමද මම බස් එකේ යන්නෙ මගේ අතේ තියෙන්නෙ ‍රුපියල් දෙකක් විතරයිනෙ බස් එකට ටිකට් එකට තව සත පනහක් ඕනනේ...... පරක්කු උනොතින් ලොකු සර් ගෙන් හොදට කන්න වෙනවා නිදහසට මොනවා කියන්නද? ඇයි කියලා අහයි බස් එකේ ආවේ නැත්තේ........"
                                                                                   මට හිත හිතා ඉන්න කාලයක් තිබුනේ නම් නෑ බස් රථයත් මගේ අත ලගටම ඇවිදින් මටත් නොදැනිම මගේ අත එසැවුනා.. ඉතින් බස් රථයත් නතර කල නිසා මමත් බස් එකට ගොඩ වුනා...........


"ආ....... කොහාටද..යන්නෙ..?"
".......... ඉස්කොලේ ගාවට"
"කෝ...... ගන්නවා සල්ලි........ ආ..... ටිකට් එක..."
"මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න."
"ඈ..... අයිසේ.... තමුසෙගෙ වයස කියද? බාගයක් ඉල්ලන්නෙ...."
"අවුරුදු දහතුනයි....."
"තමුසේට බාගයක් කැඩුවොත් මේ ඉන්න අනිත් මිනිසුන්ගෙනුත් ටිකට් බාග කඩන්න වෙයි.... තමුසෙලා හිතන්නෙ බස් වතුරින් දුවනවා කියලද? ආ.... තියා ගන්නවා ටිකට් එක මට සත පනහක් පාඩුයි'
කොන්දස්තරයාගෙ ගිගුරුම හින්දා මගේ ඇස් වලට කදුළු ඉනුවා...බස් එකේ හිටිය ගොඩක් ඇස් මම දිහා අනුකම්පාවෙන් බලා උන්නා කියලා තාම මට මතකයි ඇත්තටම ඇයි මේ තරම් දුප්පත්කම මිනිසුන්ට සරදම් කරන්නේ කියලා කියන්න මම නම් දන්නෑ ඕන්............


0 comments:

0

සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......

   ම අද කියන්න හදන්නෙ ඉතින් ඉස්කොලෙ කාලෙ වෙච්ච සීන් එකක්ම තමයි.............
 ඔයාලා දන්නවනෙ සමහර පාසල්වල තියනවා විශේෂ අධයාපන ඒකකය කියලා පන්තියක් ඉතින් අපේ පාසලෙත් තිබුනා ඔහොම
විශේෂ අධයාපන ඒකකයක් හුගාක් අහින්සක පොඩි පැන්චො ටිකක් තමයි  ඉතින් ඔය පන්තියෙ හිටියෙ ඒත් එකෙක් හිටියා චමින්ද කියලා කරොත් කරන්නෙ චාටර් වැඩක් තමයි. තව හිටියා මන්ජුල කියලා පොඩි එකෙක් හුගාක් අහින්සකයි.  ඒ වෙන කොටත් පොඩි එකාගෙ මව්පියෝ   ජිවතුන් අතරෙ හිටියෙ නෑ.... ඉතින් මේ  කම්පනය නිසාමද කොහෙද මන්ජුල අකුරු ලිවුවෙ අනිත් පැත්තට ඒ කියන්නේ එයාගෙ නම ලිව්වොත් බලන්න මුන බලන කන්නාඩි පාවිච්චි කරන්න ඕන.....
ඔන්න ඔය වගෙ තමයි ලිව්වෙ ඉතින් අපි මේ පොඩි උන්ගෙ හුරතල් බලන්න යන එක පුරුද්දක් කර ගත්තා. පොඩි උන් සෙට් එකත් කැමති අපි එනවට ඒත් අර චාටර් වැඩ කරන චමින්දයා නම් කැමති නෑ අපි එනවට  ඒ අපි චමින්දගෙ සාක්කුවේ තිබිලා බිඩි දෙකක් හොයා ගත්ත නිසා පන්තියෙ ඉන්න අනිත් පොඩි උන් එක්ක ගත්තාම  අවුරුදු  7-8 ක් විතර වයසින් වැඩියි චමින්ද  ඒ වෙන කොට දැලි ‍රැව්වුලත් ඇවිදින් තිබුනා කටේ තිබුන වචන සෙට් එකත් ඉතින් කියලා වැඩක් නෑ ඉතින් අපි සෙට් එක දවසක් ඔය ක්ලාස් එක පැත්තෙ යනකොට චමින්ද අනිත් පොඩි උන්ට ලෙක්චර් එකක් දෙනවා............................

චමින්ද- උබලා.... දන්නෙ නෑනේ කෙල්ලෙකුට හරියට සීන් කරන්නවත්...
මන්ජුල-  "චමින්ද අයියෙ.. ටීච.... කිවා නේද? උබ කියන්න එපා.. කියලා..."
චමින්ද- "උබ කට පියා ගෙන හිටපන් බුරුවො....  කෙල්ලෙක් ගාවට ගියාම වෙව්ලනවා.....මම කියනදෙ අහගෙන හිටපන් පැහෙන්නෙ නැතුව...."

ඉතින්  පොඩි උන් සෙට් එකම ආයිත් කටක් හෙලෙව්වේ නෑ..... අපි අහාගෙන ඉන්නවා කියලා දැක්කෙත් නෑ..................

චමින්ද-  "බලපන්කො..... මම දාගෙන ඉන්න බඩුව කොහොමද කියලා..... ඉස්සලාම ඉස්කොලෙ ඇරුන ගමන් බයිසිකලේ අරන් කෑල්ලගෙ ගේ ගාවට ගිහින් බෙල් එකක් ගහලා එහෙම එන්න ඕන........ තව අම්මා කඩේ යන්න සල්ලි දුන්නාම  බඩු අරන් ඉතිරි වෙන සල්ලි අම්මාට දෙන්න එපා...... ඒ..... සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......"
මන්ජුල- "ඉතින්... චමින්ද අයියේ අපේ අම්මා නෑනේ......"

චමින්ද- "ඉතින්... යකෝ... පුන්චි ඉන්නෙ පුන්චි කඩේ යන්න සල්ලි දුන්නාම උබ අපේ ගේ ගාවින්නේ කඩේ යන්නෙ  එන කොට ඉතිරි සල්ලි මට දිලා පලයන්...... හැබැයි.. මට උබේ සල්ලි තියා ගන්නවට අයිස් පැකට් අරන් ඕනී මට නෙවෙයි මගෙ බඩුවට දෙන්න.."
චමින්දයාගෙ කතා මෙච්චර වෙලා අහාගෙන හිටිය අපේ එකෙකුට හිනා ගිය නිසා චමින්දයා කතාව නැවතුවා ඉතින් අපි පොඩි උන්ට කිව්වා කිව්වා චමින්දයා කියන දේවල් කරන්න එපා කියලා..... ඇත්තටම චමින්දට අන්ගයක් නැති එකා බැල්ම හෙලලද කියලා කියන්න නම් දන්නෑ ඕන්.......................

0 comments:

0

සව්දියේ අපේ ඇන්ටිලා................

ද මම කියන්න යන්නෙ ගිය අවුරුද්දෙ අර සීතලම සීතල මාසෙ (දෙසැම්බර්) වෙච්ච සීන් එකක් මගෙ යාලුවෙක් ඉන්නවා නව්සාඩ් කියලා ඉතින් පොරගෙ චුටි දුවගෙ BERTH DAY පාටියට මම ඇතුලුව අපේ ගැන්සියටම ආරාධනා කරලා තිබුනා. ඉතින් අපි සෙට් ඒකත් 300KM දුර කතර  ගෙවා ගෙන ජෙඩා නගරයට  ගියා කියමුකො අපිත් එක්ක හිටියා සමන් කියලා එකෙක් මුට පාටියට යන තුරුම ඉවසිල්ලක් නෑ බොන්න එහෙම නම් නෙවෙයි ....හොදේ... මොකද සව්දියේ ඇල් කොහොල්  මුකුත් නෑ කියලනේ කියන්නෙ........ඉතින් අපි ගියා නව්සාඩ්ගෙ ගෙදරට...


සමන්- ඈ.. .... බලපන්කො... මල්ලි  මේකට ඇව්ල්ල ඉන්නෙ වැඩිපුරම බන්ගලි, පකිස්තාන්, ඉන්දියන් කාරයොනෙ.............
මම- සමන් අය්යා එහෙම කියන්න එපා... හලො.... උන් හිතයි අපි උන්ට බනිනවා කියලා....   
සුමිත්-  ඒකනෙ මුට... මාපී.. මොක්නෙ (මොලයක් නෑ)
මම- අපි කියන විදිහට කියනවා... බන්ගලින්ට "ගන් වතුරො" ඉන්දියන්කරයන්ට "අල්ලපු රටෙ උන්" පකිස්තාන්  කාරයන්ට  "පක්කො" කිව්වා නම් ඉවරයිනෙ
සමන්- ඇත්තටම... මොකද මල්ලි.... මුන් ඇවිල්ලා තියෙන්නෙ...?
              

ඉතින් අපි බැලුවා මොකද මේ තරමට අපේ රටේ සෙට් එක අඩු කියලා ටික වෙලාවකට පස්සෙ තමයි මීටර්  උනෙ මොකද කියලා ඕන්. කිව්වා.....අපි ටියුබ් ලයිට් හින්දා එහෙම නෙවෙයි.....:)
             මේ සෙට් එකම සව්දියෙ විසා නැතිව පැනලා ඉන්න අපේ ලංකාවේ ඇන්ටිලා නෑ.... නෑ...... අක්කලගෙ (මොකද අවු:50ක් විතර ඇති බැරි වෙලාවත් ඇන්ටි කිව්වොතින් බලන්නෙ ඉතින් රවලා තමයි....) "ජානම්"ලා සෙට් එකක්
                  බලන්නකො  කොහොමද? කියලා අපේ ඇන්ටිලා අක්කලා සහ ජානම්ලා ලස්සනයිද කියලා

 

0 comments:

2

බයියා රුබෙල්ලා විදගන්න ගියා වගේ....................


පිට කවදවත්ම අමතා කරන බැරි කාලයක් තියනවා ඒ අපේ පාසල් කාලය. මම හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති.............
           ඒ අතීතය මතක් කරලා හිනා වෙන්න වගේම දුක් වෙන්න මතකයන් ගොඩක් තියනවා. දුක හිතෙන  කතාවක් පස්සෙ කියනම්කෝ.....................................................
                                                  අපේ පන්තියෙ කෙල්ලො තරමට කොල්ලො නම් හිටියෙ නැ මොකද ලංකාවෙ ජනගහනයෙන් වැඩිපුරම ඉන්නෙ කාන්තා පර්ශවේලුනෙ ඉතින්  මම අහලා තියනවා එක කොල්ලෙකුට කෙල්ලො හත් දෙනාගෙ අනුපාතයට ඉන්නවා කියලා.. ඒත් ඉතින් ඇත්තමද කියලා කියන්න අමාරුයි ඒ දවස් වල අහන අහන කෙල්ලට කොල්ලො ඉන්නවා කියලා තමයි කිව්වෙ. එහෙනම්  මම අපේ පන්තියෙ එකෙකුට වෙච්ච සීන් එකක් කියනම්කෝ
         අපේ එකාට අම්මයි තාත්තායි දීලා තිබුන නම තමයි "කැලුම්" අපි නම් ආදරයට කිව්වෙ "බයියා" කියලා ආදරේට විතරමයි හොදේ.. :)   ඔයාලා දන්නවනෙ ඔය ගෑනු ළමයින්ට රුබෙල්ලා කියලා එන්නතක් විදිනවා කියලා ඉතින් අපේ පාසලටත් ආවා ඉතින් කෙල්ලන්ට විදින්න (රුබෙල්ලා) කියලා ඉතින් ඔය විදිල්ල  දවස් දෙකක් විතර තිබුනා.... ඉතින් ඔය කියන මුල්ම දවසෙ "බයියා" ආවේ නෑ පහුවදා මු ඇවිදින් අහනවා
     
   බයියා- මොකද... මචන් අර.... කෙල්ලො පොලිමේ ඉන්නෙ.....?
        මම- ආ........ බයියො  උබ දන්නෙ නැත්ද...?  උන්ට විදිනවනෙ
       බයියා-  හි.... හි.... හී.. කොතනද යකෝ... විදින්නෙ....?
       මම-  මම නම් දන්නෑ උන්ගෙ කොතනට විදිනවද.. කියලා අපිට නම් ඊයේ විද්දා උබ ඊයේ අවේ නෑනෙ       ඉතින් දැන් වත් පලයන්


        මම කියන්නෙ බොරුවක් කියලා හිතා ගන්න තරම් බයියා ට වෙලාවක් තිබුනෙ නම් නෑ මොකද මු අපේ ක්ලාස් එකේ මල්බෙරි කන්ඩායමෙ එකෙක්  ටික වෙලාවක් ගියාට පස්සෙ රෑබෙල්ලා විදින පැතෙන් ශබ්දයක් ඇහෙනවා බලනකොට කෙල්ලො ටික මුට හොදටම අල්ලගෙන දෙහි කපනවා  වෙච්ච සීන් එක කිව්වෙ අපේ ක්ලාස් එකෙ කෙල්ලෙක්ම තමයි බයියා ගිහින් ඉස්සලාම පොලිමෙ අන්තිමටම හිට ගත්තලු කෙල්ලො බලනවාලු මොකද මේකට වෙලා තියෙන්නෙ කියලා ඇයි ඉතින් කොල්ලන්ට රුබෙල්ලා ව්දින්නෙ නැති නිසා ආයෙත් ටික වෙලාවකින් මු කෙල්ලන්ගෙන් ගේම ඉල්ලනවලු පොලිමේ ඉස්සරහට යන්න ඕන කියලා   මුට හිතිලා පොලිමෙ අන්තිමට ඉන්න එක පිරිමි කමට හරි නෑ කියලා ඒ නිසා තමයි කෙල්ලො මුට දෙහි කපලා තියෙන්නෙ බයියා ඇත්ත දැන ගත්තාම මගෙන් ගෙමත් ඉල්ලුවා  රුබෙල්ලා. කියලා කොහෙහරි දකින කොට ඇහෙනකොට තාම කැලුමට මාව මතක් වෙනවා ඇති අනිවා.............................................
                                                                  
                

2 comments: