ඇත්තටම ඇයි බයියාගෙ ඉන්දියාව නැත්තෙ...?
මම අද කියන්න යන්නෙ අර රුබෙල්ලා විදින්න ගිය බයියාට වෙච්ච දෙයක්..............
අපේ පාසලට පහලින් ගලාගෙන යනවා කැලණි ගග ඉතින් අපේ සෙට් එකම කොහොම හරි ක්ලාස් කට් කරලා පනිනවා ගගට දිවි නසා ගන්න නෙවෙයි ඕන්..............
ඉතින් අපේ සෙට් එකේ හැම එකාටම පිනන්න නම් බෑ මේ කියන මේ කියන මටත් බෑ ඉතින් කොහොම හරි ගගෙම ගිහින් මටත් ටිකක් පිනන්න පුලුවන් උනා .....අපේ සෙට් එකම ක්ලාස් කට් කරලා ගගට ගියාට කැලුම් (බයියා) කවමදාවත් ගගට යන්න එන්නෙ නෑ බුවාගෙන් ගගට යන්න එන්න කිවාම බයියා කියනවා.................
බයියා- 'උබලට පිනන්න ඉගෙන ගන්න ඕන උනාට මට ඕන්නෑ ඉගෙන ගන්න මට හොදට පුලුවන් පිනන්න..'
මම- ඉතින් බයියො ඒකනෙ කිව්වේ උබට පිනන්න පුලුවන් නිසානේ අපි උබට එන්න කියන්නෙ වරෙංකො...බන්....
බයියා- හරි.. හරි.. එන්නම්..... කො...
කොහොම හරි බයියා කැමති උනා අපිත් එක්ක ගගට යන්න එන්න.... ඉතින් අපේ සෙට් එක ගියා ගගේ නාන්න ගග ලගට කිට්ටු වෙන කොට බයියාට බැරිලු ගගට යන්න. බුවාට උන ගන්න වගෙලු
කොහොම හරි අපි බයියා ඇද ගෙන ගියා ගගට දැන් අපි දැන් ඇදුම් ගලවනවා (අන්ඩර් වෙයාර් එක ඉතිරි වෙන්න හොදේ) බයියා ලැජ්ජාවේ ඇබෙරෙනවා... අපි කිවා ලැජ්ජා නැතිව වරෙන් කියලා ඇදුම් ගලවලා.... ඉතින් පිනන්න පුලුවන් කියපු බයියා වතුරට බහින්නෑ.... කොහොම හරි අපේ උන් බයියා ඇද ගෙන ගියා ගගේ ගැබුරු තැනකට පිනන්න පුලුවන් කිව බයියා දෙපාරක් ගිලුනා ගගේ අපි ඉතින් බයියා මැරෙන්න නොදි ගෙනවා ගොඩට ඉතින් ඊට පස්සෙ බයියා අඩන්න පටන් ගත්තා අපි ඌව මරන්න හැදුවා කියලා...
ඉතින් අපි ආයෙත් බයියාට පිනන්න එන්න කිව්වෙ නෑ.... ඉතින් බයියට ගොඩට වෙලා ඉන්න කියලා අපි නානවා එක පාරටම හොදට හිටපු බයියා එහාට දුවනවා මෙහාට දුවනවා ගගට පනින්න හදනවා අපි බය උනා මොකද බයියාට වෙන්න යන්නෙ කියලා.....ගගේ ගිලෙන්න ගිය නිසා බයියට බයටම පිස්සු හැදිගෙන එනවද දන්නෙ නෑ කියලා...
මම- මොකද...? කැලුම් උබට වෙලා තියෙන්නෙ...? පිස්සෙක් වගෙ නටන්නෙ...
බයියා- අනේ... බන්.. ඉස්කොලේ ඇරිලා.....
මම- ඉතින්....
බයියා- අනේ... බන්.. ඉස්කොලේ ඇරිලා.....
මම- ඉතින්....
බයියා- අන්න අර ගෑනු ටික පාලමින් යන්නෙ නැතුව මෙන්න මෙහාට එනවා....
මම- ගෑනු කිවේ කව්ද බයියො...?
බයියා -අර... එන්නෙ... දිනුශා, ඉරේශලා එගොඩට යන සෙට් එකම
මම- ගෑනු කිවේ කව්ද බයියො...?
බයියා -අර... එන්නෙ... දිනුශා, ඉරේශලා එගොඩට යන සෙට් එකම
මම- ඔව් බන් ඉක්මනට හැංගියන්... නැත්නම් හෙට ඉස්කොලේ ගිහින් ඉවරයි.... දන්නවනෙ කටවල්....
කොහොම හරි අපේ සෙට් එකම ගගේ තිබුන ගල් වලට මුවා වෙලා හිටියා............................................
(මොකද අපි ලැජ්ජා බයට හැදුන කොල්ලොනේ :D) කෙල්ලො ටික ගගෙන් එගොඩට යනකල්ම.... ඒත් බයියට හැංගෙන්න ලැබුන්නෑ මොකද ඌට පිනන්න පුලුවන් කිවට බැරි නිසා.........ඉතින් ඊලග දවසෙ කෙල්ලො බයියගෙන් අහනවා... කැලුම් ඇයි ඔයාගේ ඉන්දියාව නැත්තෙ කියලා......
ඇත්තටම ඇයි බයියාගෙ ඉන්දියාව නැත්තෙ...?(මොකද අපි ලැජ්ජා බයට හැදුන කොල්ලොනේ :D) කෙල්ලො ටික ගගෙන් එගොඩට යනකල්ම.... ඒත් බයියට හැංගෙන්න ලැබුන්නෑ මොකද ඌට පිනන්න පුලුවන් කිවට බැරි නිසා.........ඉතින් ඊලග දවසෙ කෙල්ලො බයියගෙන් අහනවා... කැලුම් ඇයි ඔයාගේ ඉන්දියාව නැත්තෙ කියලා......
හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............
1 comments: