Saturday, September 24, 2011

0

සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......

   ම අද කියන්න හදන්නෙ ඉතින් ඉස්කොලෙ කාලෙ වෙච්ච සීන් එකක්ම තමයි.............
 ඔයාලා දන්නවනෙ සමහර පාසල්වල තියනවා විශේෂ අධයාපන ඒකකය කියලා පන්තියක් ඉතින් අපේ පාසලෙත් තිබුනා ඔහොම
විශේෂ අධයාපන ඒකකයක් හුගාක් අහින්සක පොඩි පැන්චො ටිකක් තමයි  ඉතින් ඔය පන්තියෙ හිටියෙ ඒත් එකෙක් හිටියා චමින්ද කියලා කරොත් කරන්නෙ චාටර් වැඩක් තමයි. තව හිටියා මන්ජුල කියලා පොඩි එකෙක් හුගාක් අහින්සකයි.  ඒ වෙන කොටත් පොඩි එකාගෙ මව්පියෝ   ජිවතුන් අතරෙ හිටියෙ නෑ.... ඉතින් මේ  කම්පනය නිසාමද කොහෙද මන්ජුල අකුරු ලිවුවෙ අනිත් පැත්තට ඒ කියන්නේ එයාගෙ නම ලිව්වොත් බලන්න මුන බලන කන්නාඩි පාවිච්චි කරන්න ඕන.....
ඔන්න ඔය වගෙ තමයි ලිව්වෙ ඉතින් අපි මේ පොඩි උන්ගෙ හුරතල් බලන්න යන එක පුරුද්දක් කර ගත්තා. පොඩි උන් සෙට් එකත් කැමති අපි එනවට ඒත් අර චාටර් වැඩ කරන චමින්දයා නම් කැමති නෑ අපි එනවට  ඒ අපි චමින්දගෙ සාක්කුවේ තිබිලා බිඩි දෙකක් හොයා ගත්ත නිසා පන්තියෙ ඉන්න අනිත් පොඩි උන් එක්ක ගත්තාම  අවුරුදු  7-8 ක් විතර වයසින් වැඩියි චමින්ද  ඒ වෙන කොට දැලි ‍රැව්වුලත් ඇවිදින් තිබුනා කටේ තිබුන වචන සෙට් එකත් ඉතින් කියලා වැඩක් නෑ ඉතින් අපි සෙට් එක දවසක් ඔය ක්ලාස් එක පැත්තෙ යනකොට චමින්ද අනිත් පොඩි උන්ට ලෙක්චර් එකක් දෙනවා............................

චමින්ද- උබලා.... දන්නෙ නෑනේ කෙල්ලෙකුට හරියට සීන් කරන්නවත්...
මන්ජුල-  "චමින්ද අයියෙ.. ටීච.... කිවා නේද? උබ කියන්න එපා.. කියලා..."
චමින්ද- "උබ කට පියා ගෙන හිටපන් බුරුවො....  කෙල්ලෙක් ගාවට ගියාම වෙව්ලනවා.....මම කියනදෙ අහගෙන හිටපන් පැහෙන්නෙ නැතුව...."

ඉතින්  පොඩි උන් සෙට් එකම ආයිත් කටක් හෙලෙව්වේ නෑ..... අපි අහාගෙන ඉන්නවා කියලා දැක්කෙත් නෑ..................

චමින්ද-  "බලපන්කො..... මම දාගෙන ඉන්න බඩුව කොහොමද කියලා..... ඉස්සලාම ඉස්කොලෙ ඇරුන ගමන් බයිසිකලේ අරන් කෑල්ලගෙ ගේ ගාවට ගිහින් බෙල් එකක් ගහලා එහෙම එන්න ඕන........ තව අම්මා කඩේ යන්න සල්ලි දුන්නාම  බඩු අරන් ඉතිරි වෙන සල්ලි අම්මාට දෙන්න එපා...... ඒ..... සල්ලි ඉස්කොලේ අරන් ඇවිත් කෑල්ලට අයිස් පැකට් අරන් දීපල්ලා......"
මන්ජුල- "ඉතින්... චමින්ද අයියේ අපේ අම්මා නෑනේ......"

චමින්ද- "ඉතින්... යකෝ... පුන්චි ඉන්නෙ පුන්චි කඩේ යන්න සල්ලි දුන්නාම උබ අපේ ගේ ගාවින්නේ කඩේ යන්නෙ  එන කොට ඉතිරි සල්ලි මට දිලා පලයන්...... හැබැයි.. මට උබේ සල්ලි තියා ගන්නවට අයිස් පැකට් අරන් ඕනී මට නෙවෙයි මගෙ බඩුවට දෙන්න.."
චමින්දයාගෙ කතා මෙච්චර වෙලා අහාගෙන හිටිය අපේ එකෙකුට හිනා ගිය නිසා චමින්දයා කතාව නැවතුවා ඉතින් අපි පොඩි උන්ට කිව්වා කිව්වා චමින්දයා කියන දේවල් කරන්න එපා කියලා..... ඇත්තටම චමින්දට අන්ගයක් නැති එකා බැල්ම හෙලලද කියලා කියන්න නම් දන්නෑ ඕන්.......................

0 comments: