Saturday, September 24, 2011

2

බයියා රුබෙල්ලා විදගන්න ගියා වගේ....................


පිට කවදවත්ම අමතා කරන බැරි කාලයක් තියනවා ඒ අපේ පාසල් කාලය. මම හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති.............
           ඒ අතීතය මතක් කරලා හිනා වෙන්න වගේම දුක් වෙන්න මතකයන් ගොඩක් තියනවා. දුක හිතෙන  කතාවක් පස්සෙ කියනම්කෝ.....................................................
                                                  අපේ පන්තියෙ කෙල්ලො තරමට කොල්ලො නම් හිටියෙ නැ මොකද ලංකාවෙ ජනගහනයෙන් වැඩිපුරම ඉන්නෙ කාන්තා පර්ශවේලුනෙ ඉතින්  මම අහලා තියනවා එක කොල්ලෙකුට කෙල්ලො හත් දෙනාගෙ අනුපාතයට ඉන්නවා කියලා.. ඒත් ඉතින් ඇත්තමද කියලා කියන්න අමාරුයි ඒ දවස් වල අහන අහන කෙල්ලට කොල්ලො ඉන්නවා කියලා තමයි කිව්වෙ. එහෙනම්  මම අපේ පන්තියෙ එකෙකුට වෙච්ච සීන් එකක් කියනම්කෝ
         අපේ එකාට අම්මයි තාත්තායි දීලා තිබුන නම තමයි "කැලුම්" අපි නම් ආදරයට කිව්වෙ "බයියා" කියලා ආදරේට විතරමයි හොදේ.. :)   ඔයාලා දන්නවනෙ ඔය ගෑනු ළමයින්ට රුබෙල්ලා කියලා එන්නතක් විදිනවා කියලා ඉතින් අපේ පාසලටත් ආවා ඉතින් කෙල්ලන්ට විදින්න (රුබෙල්ලා) කියලා ඉතින් ඔය විදිල්ල  දවස් දෙකක් විතර තිබුනා.... ඉතින් ඔය කියන මුල්ම දවසෙ "බයියා" ආවේ නෑ පහුවදා මු ඇවිදින් අහනවා
     
   බයියා- මොකද... මචන් අර.... කෙල්ලො පොලිමේ ඉන්නෙ.....?
        මම- ආ........ බයියො  උබ දන්නෙ නැත්ද...?  උන්ට විදිනවනෙ
       බයියා-  හි.... හි.... හී.. කොතනද යකෝ... විදින්නෙ....?
       මම-  මම නම් දන්නෑ උන්ගෙ කොතනට විදිනවද.. කියලා අපිට නම් ඊයේ විද්දා උබ ඊයේ අවේ නෑනෙ       ඉතින් දැන් වත් පලයන්


        මම කියන්නෙ බොරුවක් කියලා හිතා ගන්න තරම් බයියා ට වෙලාවක් තිබුනෙ නම් නෑ මොකද මු අපේ ක්ලාස් එකේ මල්බෙරි කන්ඩායමෙ එකෙක්  ටික වෙලාවක් ගියාට පස්සෙ රෑබෙල්ලා විදින පැතෙන් ශබ්දයක් ඇහෙනවා බලනකොට කෙල්ලො ටික මුට හොදටම අල්ලගෙන දෙහි කපනවා  වෙච්ච සීන් එක කිව්වෙ අපේ ක්ලාස් එකෙ කෙල්ලෙක්ම තමයි බයියා ගිහින් ඉස්සලාම පොලිමෙ අන්තිමටම හිට ගත්තලු කෙල්ලො බලනවාලු මොකද මේකට වෙලා තියෙන්නෙ කියලා ඇයි ඉතින් කොල්ලන්ට රුබෙල්ලා ව්දින්නෙ නැති නිසා ආයෙත් ටික වෙලාවකින් මු කෙල්ලන්ගෙන් ගේම ඉල්ලනවලු පොලිමේ ඉස්සරහට යන්න ඕන කියලා   මුට හිතිලා පොලිමෙ අන්තිමට ඉන්න එක පිරිමි කමට හරි නෑ කියලා ඒ නිසා තමයි කෙල්ලො මුට දෙහි කපලා තියෙන්නෙ බයියා ඇත්ත දැන ගත්තාම මගෙන් ගෙමත් ඉල්ලුවා  රුබෙල්ලා. කියලා කොහෙහරි දකින කොට ඇහෙනකොට තාම කැලුමට මාව මතක් වෙනවා ඇති අනිවා.............................................
                                                                  
                

2 comments:

  1. බයියාට ලොවත් එපාවෙන්න ඇති ලැජ්ජාවට. මේකනම් පාසැල් පෙළ පොත් වලට දාන්න වටින ප්‍රස්ථා පිරුළක්

    ReplyDelete
  2. ඔව් මේ සින් එක නිසා බයියා මාත් එක්‌ක මාසයක්‌ විතර කතා කලෙත් නෑ....

    ReplyDelete