මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න.
අදත් ඊයේ වගෙමයි මෙහෙමත් වැස්සක් කොහොම ඉස්කොලේ යන්නද මන්දා.... මගෙ හිත මටම මිමුනුවා.අවුරුද්දෙන් වැඩි කාලයක් අධික වර්ශා පතනයක් අප ජිවත්වු ප්‍රදේශයට මදි නොකියන්න ලැබෙන නිසා එය පුදුම විය යුතු කරුනක් නම් නොවිය......මගේ ඇස් බිත්තියේ එල්ලා තිබු ඔරලෝසුවට දිව ගියේ මටත් නොදැනිවමය...
"දෙයියනේ..... හතට කාලයි නේද,,?"
මම ඇදෙන් පැන්නෙ අනිවාර්යෙන්ම පාසල් යා යුතුම නිසා වෙනි..... ඉතා සුළු වේලාවකින් පාසල් යන්න සූදානම්වු මා නිවසින් පිටවුවේ සැතපුම් හයක් හතක් පමන පා ගමනින් යා යුතු නිසාය.
"දෙයියනේ..... හතට කාලයි නේද,,?"
මම ඇදෙන් පැන්නෙ අනිවාර්යෙන්ම පාසල් යා යුතුම නිසා වෙනි..... ඉතා සුළු වේලාවකින් පාසල් යන්න සූදානම්වු මා නිවසින් පිටවුවේ සැතපුම් හයක් හතක් පමන පා ගමනින් යා යුතු නිසාය.
"චමිල්,සුගත් එහෙම දැන් ඉස්කොලේට ගිහිනුත් ඇති උන්ට නම් මොකද පාන් වෑන් එකෙනේ යන්නෙ මම දවස් කියක් නම් උදෙන්ම ආවද කෝ ඉතින් මාව දාගෙන ගියේ නෑ නේ කමක් නෑ...මම පයින්ම යනවා. ඇවිද්ද පය දහස් වටී කියලා කියනවානෙ..........." මටම කියා ගත්තේය.
ඒ වන විට මා සැතපුම් හතරක් පමන ගෙවා තිබුනි.උදැසන අප පාසල අසලින් ගමන් ගන්නා බස් රථයේ හඩ ඇසුන නිසා මා තැති ගත්තෙමි.
"බස් එක නේද එන්නෙ ඉස්කොලේ ගාවින් යන කොටත් අටයි කාල විතර වෙනවා මම පයින් යන්න ගියොත් අටයි හතලිස්පහවත් වේවි. ඒත් කොහොමද මම බස් එකේ යන්නෙ මගේ අතේ තියෙන්නෙ රුපියල් දෙකක් විතරයිනෙ බස් එකට ටිකට් එකට තව සත පනහක් ඕනනේ...... පරක්කු උනොතින් ලොකු සර් ගෙන් හොදට කන්න වෙනවා නිදහසට මොනවා කියන්නද? ඇයි කියලා අහයි බස් එකේ ආවේ නැත්තේ........"
මට හිත හිතා ඉන්න කාලයක් තිබුනේ නම් නෑ බස් රථයත් මගේ අත ලගටම ඇවිදින් මටත් නොදැනිම මගේ අත එසැවුනා.. ඉතින් බස් රථයත් නතර කල නිසා මමත් බස් එකට ගොඩ වුනා...........
"ආ....... කොහාටද..යන්නෙ..?"
".......... ඉස්කොලේ ගාවට"
"කෝ...... ගන්නවා සල්ලි........ ආ..... ටිකට් එක..."
"මාමේ මා ගාව තියෙන්නෙ රුපියල් දෙකයි....සත පනහක් අඩුයි ඒ හින්දා බාගයක් දෙන්න."
"ඈ..... අයිසේ.... තමුසෙගෙ වයස කියද? බාගයක් ඉල්ලන්නෙ...."
"අවුරුදු දහතුනයි....."
"තමුසේට බාගයක් කැඩුවොත් මේ ඉන්න අනිත් මිනිසුන්ගෙනුත් ටිකට් බාග කඩන්න වෙයි.... තමුසෙලා හිතන්නෙ බස් වතුරින් දුවනවා කියලද? ආ.... තියා ගන්නවා ටිකට් එක මට සත පනහක් පාඩුයි'
කොන්දස්තරයාගෙ ගිගුරුම හින්දා මගේ ඇස් වලට කදුළු ඉනුවා...බස් එකේ හිටිය ගොඩක් ඇස් මම දිහා අනුකම්පාවෙන් බලා උන්නා කියලා තාම මට මතකයි ඇත්තටම ඇයි මේ තරම් දුප්පත්කම මිනිසුන්ට සරදම් කරන්නේ කියලා කියන්න මම නම් දන්නෑ ඕන්............
0 comments: